ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කර ඇත.
ඔහුගේ නම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වෙත අනුමැතිය සඳහා යොමු කර ඇතැයිද වාර්තාවේ.
කෙසේ වුවද විශිෂ්ට කලාකරුවකු තානාපති ධුරයක් සඳහා පත්කිරීම සමාජමාධ්‍යවල දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ.
මෙයට පෙර රෝහණ බැද්දගේ කලා මණ්ඩලයේ සභාපති ධුරයට පත් කරන බවට පුවත් පැතිර ගිය අතර එය බොහෝ දෙනාගේ අමන්දානන්දයට හේතු විය.