සභාවාරය විවෘත කරන්න ලොකු වියදමක් ගියා! කාලතුවක්කුත් ගෙනාවා! ජනපති සරල බව පෙන්වන්න බොරුවක් කළා! – රංගෙ

January 4, 2020 at 2:19 pm | by emanisa.lk

ඊයේ (03) දිනයේ නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කිරීමේ උත්සවය සරල එකක් බව පෙන්වීම සඳහා හමුදා උත්තමාචාරය අවලංගු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කිරීම නිශ්ඵල වැඩක් බව ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

ඊට පෙර දිනයේදී ඒ සඳහා කාලතුවක්කු රැගෙනවිත් හමුදා අනුඛණ්ඩ යොදවා සියලුම පෙර පුහුණු කටයුතු සිදුකර තිබුණු බැවින් සරල බව පෙන්වීමට ගියත් ඒ සඳහා විශාල වියදමක් දරා ඇතැයි ඔහු පවසයි.

“වෙඩිමුර තැබීමට කාලතුවක්කු මෙතෙන්ට රැගෙන ආවා, සූදානම් කළා. ඒ වගේම හමුදා අනුඛණ්ඩ ගෙනල්ලා මෙතන පෙරහුරු කළා. ඒවගේ ඊයේ සියලු වියදම් කරලා අවසන් කරලා තමයි අද මේ උත්සවය අවලංගු කිරීමට කටයුතු කළේ සරල බව පෙන්වන්න. සරල බව පෙන්වීමට කටයුතු කරනකොට කරන්න ඕනෙ වියදම සම්පූර්ණයෙන්ම කරලා අවසානයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස