ජනාධිපති ලේකම් ධුරය සඳහා හිමි වන වැටුප් සහ දීමනා හරි අඩකින් අඩු කර ගැනීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර තීන්දු කර ඇත.
මෙයට පෙර එම තනතුරේ සේවය කළ නිලධාරියා මාසිකව රු. හතරහමාරක් පමණ වැටුප් සහ දීමනා ලබා ගෙන තිබූ අතර එයට අමතරව නිල නිවසක් සහ නිල වාහන හතරක් ලබා දී තිබිණි.
එහෙත් පී.බී. ජයසුන්දර එම වැටුපින් 50%ක් කපා ගෙන නිල වැටුප ගෙවන ලෙස ජනාධිපති ලේකම් කාර්යාල ගිණුම් අංශයට දැනුම් දී ඇති අතර නිල වාහන හතර වෙනුවට එකක් පමණක් ලබා දෙන ලෙස දැනුම් දී තිබේ. අමතරව තමන්ට හිමි නිල නිවස ප්රතික්ෂේප කර ඇති අතර පෞද්ගලික නිවසේ සිට සේවයට වාර්තා කරන බව පවසා තිබේ.
එසේම ජනාධිපතිගේ ප්රධාන උපදේශක ලෙස සේවය කරන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වැටුප් සහ දීමනා කිසිවක් ලබා ගැනීම ප්රතික්ෂේප කර ඇති අතර සිය නිවසට යාමට සහ ඒමට ප්රවාහන පහසුකම් පමණක් ඉල්ලා තිබේ.
රාජ්ය සේවයේ ඉහළම රාජ්ය නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති ප්රධාන උපදේශකවරයා ලබාදී ඇති ආදර්ශය ඉතා කලාතුරකින් වාර්තා වන සුවිශේෂ සිදුවීමක් බව බොහෝ දෙනාගේ අදහසය.