ජාතික ආණ්ඩු යෝජනාවට TNA සහය! ශ්‍රීලනිප 10ක් මු.කො. 01ක් ආණ්ඩුවට!

February 3, 2019 at 7:38 am | by admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමග එක්ව සමගි සන්ධාන ජාතික ආණ්ඩුව පිහිටුවීමට අදාළ යෝජනාව ලබන 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.

එම යෝජනාවට දෙමළ ජාතික සන්ධානය ද සහයෝගය දක්වනු ඇතැයි හෙතෙම කී අතර එය සම්මත කර ගත් වහාම මීළඟ ජාතික ආණ්ඩුව පිහිටුවන බවත් කියා සිටියේය.

නව ජාතික ආණ්ඩුව පිහිටුවීමට ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 10 කට වැඩි පිරිසක් ජනාධිපති මෛත්‍රීරපාල සිරිසේන මහතාට දන්වා ආණ්ඩුවට එක් වීමට නියමිත බවත් අනාවරණය කෙරිණි.

කෙසේ වුවද නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ගාල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවකදී පැවසූයේ එවැනි යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යයා පත්‍රයට ඇතුළත් කර නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *