වන්නියේ ඉඩම් අක්කර 7000ක් නැවත ජනතාවට!

January 31, 2019 at 7:38 am | by admin

වන්නි ආරක්ෂක සේනා කලාපය වෙනුවෙන් පවරා ගෙන තිබූ රජයේ ඉඩම් හා සිවිල් ජනතාවගේ ඉඩම් අක්කර 7,194.86ක් මේ වන විට අදාළ පාර්ශ්ව වෙත ආපසු පවරා දී ඇති බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත්ව තිබූ මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 16ක පමණ ප්‍රමාණයක් පෙරේදා (29) මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී. ඒ. මොහාන්රාජ් මහතා වෙත භාරදී තිබේ.

2009 වසරේ සිට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත්ව තිබූ මන්නාරම දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් අක්කර 839.73ක් හා සිවිල් ජනතාවගේ ඉඩම් අක්කර 50.51ක්ද, වවුනියාව දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් අක්කර 6,218.74ක් හා පුද්ගලික ඉඩම් අක්කර 85.88ක ප්‍රමාණයක් ඇතුළුව බල ‍ප්‍රදේශයේ ඉඩම් අක්කර 7,194.86ක් මේ දක්වා නැවත පවරාදී ඇති බව ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *