75 වසරක් තිස්සේ කිසිම විපක්ෂයක් නොකළ මහා සේවයක් අපි කළා…! – සජිත්…

September 15, 2023 at 6:41 pm | by emanisa.lk

රජයේ පාසැල් 10,155 තුළ අධ්‍යාපනය ලබන දරුවන්ට තොරතුරු තාක්ෂණය, සුහුරු අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂාව ප්‍රමුඛව ඉගැන්වීම තුළින් ලෝකය සමග බද්ධ වූ ස්මාට් පුරවැසියෙකු බිහිකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ලෝකය තුළ ශ්‍රී ලංකාවට හිමි තැන තහවුරු කර ගැනීමේදී මේ රටේ දරුවන් වෘත්තීමය වශයෙන් ශක්තිමත් කිරීමට ඒ ඔස්සේ හැකිවන බවයි, විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, සක්වල වැඩසටහන යටතේ, 77 වන බස්රථය කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් පිරිනැමීමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමිනි.

මෙරට 75 වසරක දේශපාලන ඉතිහාසය තුළ කිසිදු විරුද්ධ පක්ෂයක් නොකළ සේවාවක් සමගි ජන බලවේගය පසුගිය වසර 3 පුරා සිදු කළ බවත්, සජිත් ප්‍රේමදාස සිහිපත් කළේය.

රජයේ අඩුපාඩු, ගැටලු විවේචනය කරනවා සේම, ඇතැම් ගැටලුවලට යම් පමණකින් හෝ විසඳුම් ලබාදීමටත් සමගි ජන බලවේගය කටයුතු කර ඇති බවත් හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *