විපක්ෂයේ කාර්යභාරය සිද්ධ වුණේ සජිත් අනුර පාර්ලිමේන්තුව වර්ජනය කළ පසුයි..! – මුසම්මිල්…

June 23, 2022 at 5:03 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභරය සිද්ධ වූයේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව වර්ජනය කළ සතියේ බව මොහොමඩ් මුසම්මිල් පවසයි.

එම කාලය තුළ ගෑස් ඉන්ධන අර්බුදය විසඳා ගැනීමටත් විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමටත් යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව විපක්ෂයේ කටයුතු කරන මන්ත්‍රීවරුන්ට හැකි වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

රුසියානු ගුවන් යානායක් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පිස්කල්වරයාට සහ නීතීඥවරයාට නීතිය ක්‍රියාත්මක කර රුසියාව සමග සාකච්ඡා කරමින් ඉන්ධන ගෑස් සහ පොහොර ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ආපදා කළමනාකරණයට මුවා වී කිසිදු ආයුධයක් භාවිත නොකර ශ්‍රී ලංකාව ඉන්දු පැසිෆික් කඳවුරේ ගොදුරක් බවට පත් කර ගැනීමට මේ වන විටත් බටහිර බලවතුන් සමත්ව ඇති බවත් මුසම්මිල් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *