69 ලක්ෂයෙන් කෙනෙක් නම් 18 නුගේගොඩට එන්න…!

June 14, 2024 at 9:18 am | by emanisa.lk

ඒ අනුව 69 ලක්ෂයෙන් කෙනෙක් නම් 18 වැනිදාට නුගේගොඩට පැමිණෙන ලෙස මෙරට වාමවාදී ජාතිකවාදී දේශප්‍රේමී ජනතාව වෙත ගෞරවයෙන් ආරාධනා කරන බව සර්වජන බල‍යේ විධායක සභික මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ඊයේ (13) සර්ව ජන බලය විසින් කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවටත් රටේ ආරක්ෂක හමුදාවන්ටත් එල්ලවූ යුද අපරාධ චෝදනාවලට එරෙහිව නැගී සිටිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසුණු 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාශය මුදුන් පමුණුවාලීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බවත් ඒ සඳහා රටේ පවතින එකම දේශපාලන බලවේගය සර්වජන බලය දේශපාලන එකමුතුව බවත් කියා සිටියේය.

2015 දී ජනතාව ලබා දුන් ජනවරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහජන නියෝජිතයින් විසින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉදිරියේ එම ජනවරම පාවාදෙමින් සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වාර්තාවක් සකස් කරමින් සිටින අතර එය සැප්තැම්බර් මාසයේ දී බොහෝ දුරට ඉදිරිපත් කෙරෙනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *