69 ලක්ෂයක් ජනතාව ලබා දුන් ජයග්‍රහණය විනාශ කළේ පොහොට්ටු නායකයොමයි..! – එස්.බී. දිසානායක..

January 23, 2024 at 10:08 am | by emanisa.lk

ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදුන් ජයග්‍රහණය විනාශ කළේ තම පක්ෂයේ නායකයින්ම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

ඔහු සඳහන් කළේ, 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු බල්ලාට දමා කටයුතු කිරීම පිළිබඳ තමන් සිටින්නේ කනගාටුවෙන් බවයි.

ජනතාව ඉදිරියට යාම තමන්ට නම් ප්‍රශ්නයක් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා, ජනතාව නම් තමාන් ඉතාම ආදරයෙන් පිළිගන්නා බවයි, ප්‍රකාශ කළේ.

එසේම ආර්ථික අර්බුදය යනු එකක් බවත් මැතිවරණ පැවැත්වීම යනු තවත් එකක් බවත් පැවසූ හෙතෙම ලබන ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීම කිසිවෙකුට වෙනස් කළ නොහැක්කක් බවත් සඳහන් කළේය.

එස්.බී. දිසානායක මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *