69 ලක්ෂයක් එපා කී රනිල් 69 ලක්ෂයේ අගමැති වෙලා…! – ගෙවිඳු…

June 8, 2022 at 11:28 am | by emanisa.lk

69 ලක්ෂයක් ජනතාව එපා කී පුද්ගලයෙක් විජාතික න්‍යාය පත්‍රයක් අනුව 69 ලක්ෂයේ ජනවරමෙහි අගමැතිවරයා බවට පත්ව ඇතැයි යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

එමගින් 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු සුන් වී තනි පුද්ගලයෙකු සිටින පක්ෂයකට අගමැති ධූරය හිමිව ඇති බවට ද ඔහු චෝදනා කළේය.

අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතා රට මුහුණ දී ඇති ගැටලු සඳහා ඩොලර් උවමනා බව කීව ද ඒ සඳහා විසඳුම් මොනවා දැයි ප්‍රකාශ කර නොමැති බවයි, ගෙවිඳු කුමාරතුංග පෙන්වා දුන්නේ.

ජනතාවට සහන දෙන බව පවසමින් මහල් නිවාසවාසී ජනතාවට එහි අයිතිය ලබා දීමට සූදානම් වන්නේ මේ දුෂ්කර අවස්ථාවේ ඒවා විකුණා ගෙන කන තැනට ජනතාව පත් කිරීම සඳහා දැයි ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කළේය.

ඊයේ (07) අගමැති රනිල් වික්‍රමසිංහ සිදුකළ විශේෂ ප්‍රකාශ පිළිබඳ විවාදයට එකතු වෙමින් ගෙවිඳු කුමාරතුංග මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *