චීනෙට බලෙන් අපේ රටට වැලි කැටයක් දාන්න බෑ…! අපි පිළිගත යුත්තේ දේශීය විශේෂඥ මතයයි…! – මෛත්‍රී…

October 27, 2021 at 10:51 pm | by emanisa.lk

චීන පොහොර පරීක්ෂා කිරීමකට තුන්වැනි පාර්ශ්වයක් අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, දේශීය විශේෂඥයින් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කර ලබාදුන් නිර්දේශ පිළිගත යුතු බවය.

රටවල් 2ක් අතර යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වූ අවස්ථාවකදී නම්, එවැන්නක් සමනය කිරීමට තුන්වන පාර්ශවයක මැදිහත්වීමක් අවශ්‍ය බව ද හෙතෙම සඳහන් කළේය.

“චීනෙට තියා බලුකිස්ථානෙටවත් පුළුවන් කමක් නෑ. අපේ රටට වැලි ඇටයක්වත් දාන්න. බලහත්කාරයෙන් දානවා නම් ඒක වැරදියි.

දේශීය විද්වතුන් විශේෂඥයින් මේ පිළිබඳව තත්ත්ව පරීක්ෂණ කරලා නිර්දේශයක් දුන්නා නම් ඒක තමයි අපි පිළිගන්න ඕන. මේ වගේ දේවල්වලට තුන්වන පාර්ශ්ව අවශ්‍ය නෑ. තුන්වන පාර්ශ්ව අවශ්‍ය වෙනවා, රටවල් අතර යුද්ධ ඇති වුණාම නම් ඒක සමනය කරන්න. මේක මේ පොහොර ප්‍රශ්නය, ඒක මේ සාමාන්‍යයෙන් අපි මිලට ගන්න දෙයක් නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *