විමල්ට ගහන්නේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න සිටි අය….! ඔවුන් ඉන්නේ පරාජයේ කේන්තියෙන්….! – වාසු…

February 16, 2021 at 10:54 pm | by emanisa.lk

නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට නොහැකි වීම නිසා ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිත් රිදවා ගෙන සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඉන්දියාවට එම ජැටිය දීමට ආණ්ඩුවේ සමහර පිරිස් අතර පක්ෂපාතිත්වයක් තිබූ බව ද ඔහු පවසයි.

තමන් ඇතුළු පිරිස් ඊට විරෝධය දැක්වීම නිසා අවසානයේ එම කටයුත්ත අත්හැර දමන්නට සිදු වූ බව ද ඇමැතිවරයා පැවසීය.

මේ නිසා එම කණ්ඩායමට පරාජිත හැඟීමක් ඇති බවත් ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන එ් නිසා බවත් ඔහු සඳහන් කළේය.

විමල් වීරවංශ පාර්ශ්වය සහ ආණ්ඩුවේ පාර්ශවයක් අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය ගැන අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස