2022 අයවැය අධ්‍යාපනය සඳහා විශාලතම මුදල වෙන්කළ අයවැය ලෙස ඉතිහාසගත වෙනවා..! – අධ්‍යාපන ඇමැති…

January 7, 2022 at 1:58 pm | by emanisa.lk

2022 අයවැය අධ්‍යාපනය සඳහා ඉතිහාසයේ විශාලතම මුදල වෙන් කළ වර්ෂය ලෙස ඉතිහාසගත වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

“කුමන ප්‍රචාරණයන් සිදුවුවත් ඔබතුමාගේ ආශීර්වාදය සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් අධ්‍යාපනයට විශාලතම මුදලක් අයවැය ලේඛනයකින් වෙන් කරන ලද්දේ 2022 ට බව ඉතිහාසයට එක්කරල තියෙනවා.

225,000ක් වන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට ජනවාරි මාසයේ වැටුප් වැඩි වෙනවා කියන එක මම අද අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ප්‍රකාශ කරන්න කැමතියි.

දැනුම පමණයි ජීවිතයේ වටිනාම දේ අපිට එකතු වන භෞතික දේ කොයි අවස්ථාවෙත් නැති වෙන්න පුළුවන්. කුණාටුවක් ආවහම, ඉඩෝරයක් ආවහම, ගංවතුරක් ආවහම. සුනාමියක් ආවහම එකතු කරගත්ත සල්ලි දේපල ඔක්කොම ජනතාවට අහිමි වෙනවා. නමුත් ඉතුරුවෙන එකම එක දේ තමයි ඉගෙන ගත්ත දේ යළි හිස ඔසවන්න දෙන ධෛර්යය බවට පත්වෙනවා.”

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් දිනේෂ් ගුණවර්ධන ඊයේ (06) මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *