2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමි නොවන්නට පරාජය වන බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.
ඒ අවස්ථාවේ එජාපය මාදුළුවේ සෝභිත හිමි පෙරටු කරගෙන තම මැතිවරණ සටන මෙහෙය වූ බවත් වජිර අබේවර්ධන ප්රකාශ කරයි.
ජේ.ආර්. ජයවර්ධන ධාර්මිෂ්ට සමාජයක් උදා කරන බව පවසා මැතිවරණ ජය ලබා ගැටඹේ පන්සලට කටුකම්බි ගසා මර්දනය කළ බවත් රට පාලනය කළ යුත්තේ එලෙස බවත් හෙතෙම සිහිපත් කරයි.
2019 එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුව ද පිරිසක් පක්ෂය තුළ ගැටුමක් ඇති කරගත් නිසා එය අහිමි වූ බව ද හෙතෙම ප්රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් දැනුම්වත්කිරීමේ අවස්ථාවකට එකතු වෙමින් හිටපු ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.
https://www.youtube.com/watch?v=7ajR829KNc4