2015 රාජපක්ෂලා පරාජය වන තුරු මම ඔවුන්ගේ දතින් දත ගැලෙව්වා! – ඇමති රාජිත

April 7, 2019 at 9:14 am | by admin

රජය තුල සිටි ඌරුමීයන් ඉවත් වූ පසු රජය නිවැරදිව ඉදිරියට ගමන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

රාජිත සේනාරත්න පදනම සංවිධානය කරන තරුණ බල මණ්ඩල මාලාවේ පාලින්ද නුවර ආසනයේ තරුණ බල මණ්ඩලය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය නිව් නදීශා හොටලයේ දී ඊයේ (06) පස්වරුවේ පැවැති අතර එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“2015 වසරේ නව රජය බලයට පත් කරන්න රාජපක්ෂලාට හති වැටෙනකන් දතින් දත දත් ගැලෙවුවා. මම දන්ත වෛද්‍යවරයෙක්. මහින්ද රාජපක්ෂ පරාජය කළ අපට ඔක්තෝබර් 26 වනිදා වත්මන් ජනාධිපතිවරයා පරාද කිරීමට පහසු වුණා. අපි සැළුණේ නැහැ. ජන සටනක් ක්‍රියාත්මක කරමින් දින 52 කට පසු එම දේශපාලන අර්බුදය අපි ජයගත්තා.

යහපාලන රජය තුල දී ජනාධිපතිවරයා මෙන්ම කකුලෙන් අදින ලද අමාත්‍යවරුන් පිරිසක් ද සිටියා. ඔවුන්ට මම පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ කළේ ඌරු මී න්‍යාය අනුගමනය කරන අය බව.

රජයක සිට රජයම විවේචනය කරනවා. එම නිසයි පළාත් පාලන මැතිවරණය අපි පරාජයට පත් වුනේ. නමුත් එම ඌරු මීයන් ඉවත් වූ පසු රජය ඉදිරියට ගමන් කරනවා. ගම්පෙරළිය, එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා, සිරිකොත ගමට යන වැඩසටහන් වල දී ජනතාවගේ ගැටලු වලට විසදුම් හිමිවෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *