2005ට කලින් මේ රටේ කප්පම් අල්ලස් මත් උවදුරු තිබුණේ නෑ! ඒවා රටට හඳුන්නලා දුන්නේ රාජපක්ෂලා! – ෆීල්ඩ් මාර්ෂල්

November 3, 2019 at 4:15 pm | by emanisa.lk

මේ රටේ මුල් බැස ඇති කප්පම් අල්ලස් සංස්කෘතිය මත් උවදුර වසර දෙකක් ඇතුළත සම්පූර්ණයෙන් අතුගා දමන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

මේ රටට මත් උවදුර මෙන්ම කප්පම් අල්ලස් සංස්කෘතිය හඳුන්වා දුන්නේ රාජපක්ෂ ආණ්ඩුව බව ද ෆීිල්ඩ් මාර්ෂල් සඳහන් කළේය.

පෙර සිටි මැතිවරණ කොමසාරිස්ලා ආතතියෙන් පාචනයෙන් කටයුතු කළත් අද එහෙට මෙහෙට පනිමින් කඹවල එල්ලී යමින් කටයුතු කරන ටාසන් කෙනෙකු ලෙස මැතිවරණ කොමසාරිස් කටයුතු කරන බවත් එවැනි බලයක් ලබා දුන්නේ යහපාලන ආණ්ඩුව බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස