මොහොමඩ් ඊබ්රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට එකතු කළේ මුස්ලිම් සමාජය ආමන්ත්රණය කිරීමට සහ මුස්ලිම් නියෝජනයක් ලබා දීමට බව පක්ෂ නායක අනුර දිසානායක පවසයි.
මොහොමඩ් ඊබ්රාහිම් 2004 සිට තමන් සමඟ සමීපව වැඩ කළ බව ද ඔහු අනාවරණය කළේ ය. එහෙත් ඔහුට ඉස්ලාම් ත්රස්තවාදය සමඟ සබඳතා පැවැතියේ ද යන්න පිළිබඳ තමන් දැන නොසිටි බව ද ජවිපෙ නායකයා තහවුරු කළේ ය.
මොහොමඩ් ඊබ්රාහිම් ඇතුළු ජවිපෙ ජාතික ලැයිස්තුව පිළිබඳ වගකීම තම පක්ෂය භාර ගන්නා බව ද ඔහු ප්රකාශ කළේය.
මොහොමඩ් ඊබ්රාහිම් යනු ඉල්හාම් සහ ඉන්ෂාම් නම් පාස්කු ප්රහාරයේ දී මරාගෙන මැරුණු සොහොයුරන්ගේ පියා වන අතර ප්රහාරය සඳහා ලක්ෂ 300ක් ලබා දී ඇත්තේ ද ඊබ්රාහිම් පවුල විසිනි.
ඊයේ (23) හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් මන්ත්රීවරයා මේ සඳහන් කළේ ය.