2001 වසරේ දී තමාට LTTE සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිදුවූයේ එවකට රට මුහුණ පෑ දරුණු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ වෙනත් විකල්පයක් නොතිබූ නිසා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
“මම දෙවන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස 2001 වසරේ දෙසැම්බර් මාසයේ තේරීපත් වෙද්දී ශ්‍රී ලංකාව දරුණු දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටියා. ශ්‍රී ලංකාවේ හමුදාවට පසුබසින්න වුණා. LTTE ප්‍රහාර හමුවේ සහ ස්ථාන රැසක බලය ගිලිහුණා.
වරාය සහ ගුවන්තොටුපොළ හමුවේ එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ සහ ගුවන් යානා පැමිණීම නතර වුණා. ආර්ථිකය වසා දැමීමකට මුල පුරමින් අපිට තිබුණේ. LTTEසමග සටන් විරාමයකට එළැඹීමේ විකල්පය පමණයි තිබුණේ. අගමැති වුණාට පසු මම වහාම නවදිල්ලිය බලා පිටත් වුණා”.
ඉන්දීය හිටපු අග්‍රමාත්‍ය අතල් බිහාරි වාජ්පායි මහතා වෙනුවෙන් සංවිධාන කෙරෙන 07 වන අතල් බිහාරි වාජ්පායි ප්‍රධාන දේශනයට ඊයේ (27) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.