13 වන සංශෝධනය දැනටත් ක්‍රියාත්මකයි..! අලුතින් ගේන්න දෙයක් නෑ..!

February 8, 2023 at 5:30 pm | by emanisa.lk

අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ෆේස්බුක් එකෙන් ජනාධිපති වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ක්‍රියාත්මක කර අවසන් බැවින් අලුතින් ක්‍රියාත්මක කරන්න දෙයක් නැතැයි ද ඇමැති රණතුංග කීය.

මේ වනවිටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ බව ජාතික ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරියද ප්‍රකාශ කර ඇති බැවින් තව දුරටත් ඒ සම්බන්ධයෙන් කතා කර වචන ඉස්සර කර ගන්න හොඳ නැතැයිද ඔහු කීවේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මෙහෙයුම් කමිටුව සමඟ කොළඹ දී සාකච්ඡාවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *