13 වන සංශෝධනය කිසිසේත් බලාත්මක කළ යුතු නෑ..! – මහානාහිමිවරු…

February 2, 2023 at 3:48 pm | by emanisa.lk

රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය බිඳ දමන 13 වන සංශෝධනය කිසිසේත් සම්පූර්ණ වශයෙන් බලාත්මක නොකළ යුතු බව ප්‍රකාශ කරමින් සිව් නිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කොට තිබේ.

ජනාධිපතිවරයා 13 බලාත්මක කරන බව ප්‍රකාශ කිරීම නිසා පවා රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බව උන් වහන්සේලා අවධාරණය කරති.

මෙයට පෙර විධායක ජනාධිපති ධූරයේ කටයුතු කළ අය 13 වන සංශෝධනය බලාත්මක නොකළේ එය රටේ භෞමික අඛණ්ඩතාවට සහ ස්වෛරීත්වයට බාධාකාරී නිසා බව ද උන් වහන්සේලා පෙන්වා දෙති.

ආර්ථික අර්බුදය හමුවේ ගෝලීය බලවතුන්ගෙන් මෙවැනි යෝජනා ඉදිරිපත් වුව ද රටේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව අනතුරේ හෙළන මෙවැනි යෝජනා කිසිසේත් ක්‍රියාත්මක නොකළ යුතු බවයි, එහිමිවරුන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *