13 ගැන තීන්දු ගන්න ඕන ජනමතය අනුව නෙමෙයි ඉන්දියාව කියන විදිහට! – සම්බන්ධන්

August 25, 2020 at 11:27 pm | by emanisa.lk

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉන්දියාවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බැවින් එම පොරොන්දුව මත පිහිටා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසයි.

“13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පොරොන්දු ලබාදී තිබුණත් ඒවා ඉටු වුණේ නෑ. එය ක්‍රියාත්මක කළ යුතුයි. මේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් අවශ්‍යයි.

ඒ නිසා මේ ප්‍රශ්න විසඳීම සඳහා ඉන්දියාවේ දායකත්වය දිගටම ලැබිලා ඒක ක්‍රියාත්මක කරයි කියලා මම විශ්වාස කරනවා. 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දියාවට ශ්‍රී ලංකා රජය පැහැදිලි පොරොන්දුවක් දී තිබෙනවා.

ඒ පොරොන්දු මත ක්‍රියාමාර්ග සිදුවිය යුතුයි කියන එක තමයි අපේ  ස්ථාවරය. එය සිදුවිය යුතුයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ආර්. සම්බන්ධන් මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස