09 වෙනිදා සංහාරයේ මහ මොළකාරයෝ ජවිපෙ….! විපක්ෂ නායකට පොල්ලෙන් ගැහූ මනුවර්ණ තවම නිදැල්ලේ…!

June 10, 2022 at 4:26 pm | by emanisa.lk

සමාජ වෛරය අවුළමින් ඒ වෛරයට ඉන්ධන දමමින් පසුගිය වෙනිදා මහා විනාශයක් සිදුකළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක වෙත ක්‍රියාත්මක වූ එම නීතිය අනුර දිසානායක, විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත වෙත මෙතෙක් ක්‍රියාත්මක වී නැති බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

හාන්සි පුටු සමාජවාදියෙකු වන ලාල්කාන්ත මැතිවරණයෙන් පැරදුණත් තවමත් මාදිවෙල මන්ත්‍රී නිවාසයක සිටින බවත් ජවිපෙ තමන්ට ලැබෙන වාහන පර්මිට් එක පවා විකුණමින් සමාජයට සුදනන් ලෙස පෙනී සිටින බවත් සමන්ප්‍රිය හේරත් පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ගාලු මුවදොරට දී පොල්ලෙන් ගැසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ජගත් මනුවර්ණ බවත් ඔහුට මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැති බවත් හෙතෙම පවසයි.

උදෑසන තම කණ්ඩායම හැසිරුණු ආකාරය අනුමත කළ නොහැකි බවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ආකාරයට ම ගහපන් මරපන් ගිනි තියපන් කියමින් මහා විනාශයක් සිදුකළ කණ්ඩායමට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව සමන්ප්‍රිය හේරත් අවධාරණය කරයි.

අරගලකරුවන් විසින් ඝාතනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ වෙනුවෙන් ශෝකය පළ කිරීමේ අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

https://www.youtube.com/watch?v=YkTDA8v4QMo

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *