09 වෙනිදා රාත්‍රී ජනතා නැගිටීමේ ගෞරවය අපට එපා…! – පුබුදු ජයගොඩ…

June 10, 2022 at 8:03 pm | by emanisa.lk

පසුගිය මැයි 09 වෙනිදා රාත්‍රී ඇති වූ මහජන නැගිටීම පිටුපස සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නොවන බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ලේකම්වරයා පවසන්නේ මෙම ප්‍රහාරය ඒ ඒ ප්‍රදේශවල ජනතාව සිදුකර ඇති බවයි.

එදින සිදු වූ ප්‍රහාරය පිටුපස පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බව ද ඔහු සඳහන් කරයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් එම ගුබ්බෑයම අස්සේ සිට එවැනි චෝදනා කළ නොහැකි බවයි, පුබුදු ජයගොඩ පවසන්නේ.

09 වෙනිදා රාත්‍රී ජනතා නැගිටීමට තමන් නායකත්වය නොදුන් බවත් නැති ගෞරවයක් තමන්ට අනවශ්‍ය බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *