09 වෙනිදා නිවාස දේපළ විනාශ කළේ පල්ලියේ අණින්…! අපරාධකාරයින් නිදහස් කර ගත්තේ ෆාදර්ස්ලා…!

June 6, 2022 at 11:57 am | by emanisa.lk

පසුගිය 09 වෙනිදා මීගමුවේ සිය ව්‍යාපාරික ස්ථානය ගිනි තබා විනාශ කළේ පල්ලියේ සීනුව නාද කර කැඳවූ පිරිස විසින් බවට ව්‍යාපාරික යුවලක් චෝදනා කරයි.

මෙම ප්‍රහාරයේ වගකීම වැල්ලවීදිය පල්ලිය භාර පියතුමා භාරගත යුතු බව ද ඔවුහු ප්‍රකාශ කරති.

පල්ලියේ කැඳවීම පරිදි ගාලු මුවදොර අරගල භූමියට පවා ගිය කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති තමන්ගේ ව්‍යාපාරික ස්ථානය කොල්ලකෑමට කටයුතු කළ පිරිස නිදහස් කර ගැනීමට පල්ලියේ පූජකයින් කටයුතු කර ඇති බවයි, ඔවුන් පවසන්නේ.

කතෝලිකයින් වන තමන් වාර්ෂිකව පල්ලියේ උත්සවය සඳහා පල්ලිය සැරසීමට විශාල මුදලක් වැය කරන බවත් පල්ලිය මගින් පොලිසියට යුක්තිය ඉටු කිරීමට බාධා කරමින් තමන්ට විශාල අසාධාරණයක් කරන බවත් ඔවුහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *