විදුලිබල ඇමැතිගේ නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක්….! යුධ හමුදා බල ඇනි සීරුවෙන්..!

August 7, 2023 at 8:58 am | by emanisa.lk

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ මාතර පිහිටි නිවෙසටත් ඒ අවට ප්‍රදේශයටත් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

පස් වැනිදා උදෑසන සිට මෙම ආරක්ෂාව යොදවා ඇත්තේ වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් ගොවීන් පිරිසක් එම නිවස වැටලීමට ඒමට ඉඩ ඇති බවට ලැබුණු තොරතුරක් මතයි.

අමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වීමට ඇති පිවිසුම් මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්‍ෂාව තර කර තිබේ.

ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල සැකකටයුතු පුද්ගලයන් හා කණ්ඩායම් ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත. අවශ්‍ය වුවහොත් යුධ හමුදාව කැඳවීමට ද සූදානමින් සිටින බව ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *