ෆොන්සේකාට ආණ්ඩුවෙන් මාර්ෂල් තනතුරක්…!

June 23, 2024 at 12:46 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලොව ආරක්ෂක අංශයේ ඉහළ ම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදිම පිරිනැමෙනු ඇතැයි වාර්තා වෙයි.

තරු හයේ ජෙනරාල්වරයකු ලෙස සැලකෙන මාර්ෂල් තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ෆොන්සේකා මහතා කරන ලද ඉල්ලීමක් අනුව බව සඳහන්ය.

යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ නායකයන් රැසකට මෙයට පෙර එම පදවිය හිමි විය.

සමගි ජන බලවේග සභාපති සරත් ෆොන්සේකා මේ වන විට එම පක්ෂයට නඩු දමා ඇති අතර පසුගියදා සජබ නායක සජිත් ප්‍රේමදාස සහ ලක්ෂ්මන් කිරිඇල්ල දැඩි ලෙස විවේචනය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *