ෆේස්බුක් තරු දෙක ම නේවි එකෙන් පැනපු අපරාධකාරයෝ…! – නාවික හමුදාව…

July 24, 2022 at 2:35 pm | by emanisa.lk

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැදී සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසු නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් ඉවත් වූ බවට ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි

එම සමාජ මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනිත් රාජකරුණා සහ මල්ෂාන් ප්‍රතාපසිංහ යන නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ගෝඨාගෝගම ම්ලේච්ඡ ප්‍රහාරය දැකීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනේ.

කෙසේ වෙතත්, නාවික හමුදාව එවැනි වාර්තා ප්‍රතික්ෂේප කරන අතර සමාජ මාධ්‍ය වාර්තා කළ පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිසිදු නාවිකයෙකු හෝ නිලධාරියෙකු ඉල්ලා අස්වී නොමැති බවට තහවුරු කළා.

වාර්තාවල සඳහන් පුද්ගලයන් දෙදෙනාම පසුගිය වසර කිහිපය තුළ නිල නිවාඩු නොමැතිව නොපැමිණි සිටි නාවික හමුදාවෙන් පලා ගිය අය බවයි නාවික හමුදාව පවසන්නේ.

එමෙන්ම ඔවුන්ට එරෙහිව දැනටමත් නීතිමය පියවර ගෙන ඇති බව ද නාවික හමුදාව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *