වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ වනවිට විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
රට තුළ පවතින තත්ත්වය පාලනය කරන ලෙස තමා ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ද ඔහු පවසයි.
පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට පිරිසක් කටයුතු කරන බවට ද හෙතෙම චෝදනා කරයි.
ෆැසිස්ට්වාදයට ඉඩදිය නොහැකි බවත් තමා පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බවත් රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.