ළමුන්ට නොමිලේ නිල ඇඳුම් දීම මගේ වැඩක්… මාලිමාණ්ඩුවත් සුහදව හිටියොත් එයාලටත් රෙදි ලැබෙයි…! – හිටපු අධ්‍යාපන ඇමති….

January 13, 2025 at 7:07 pm | by emanisa.lk

මෙම වසරේ පාසල් ළමුන්ට චීනයෙන් නොමිලේ නිල ඇඳුම් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ගිය වසරේ මැයි මස ආරම්භ කළේ තමන් බව හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

2024 වසරේ පාසල් නිල ඇඳුම් 80%ක් ද 2023 වසරේ නිල ඇඳුම් 70%ක් ද නොමිලේ ලබා ගැනීමට හැකි වූ බව ද ඔහු පෙන්වා දෙයි.

දැන් කුමන ආණ්ඩුවක් පැවතිය ද රු. බිලියන 07ක් පමණ වටිනා මෙම පරිත්‍යාගය රටට විශාල සහනයක් බව ද හිටපු ඇමතිවරයා සඳහන් කරයි.

චීනය සමග තව දුරටත් සුහදශීලීව රාජතාන්ත්‍රික කටයුතු කළහොත් එම පහසුකම් ආණ්ඩුවට ඉදිරියටත් රටට ලැබෙනු ඇතැයි ද සුසිල් ප්‍රේමජයන්ත පෙන්වා දෙයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *