හෝර්ටන්තැන්නට අලුත් පාරක්!

September 19, 2020 at 10:49 am | by emanisa.lk

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බලන්ගොඩ දෙසින් නව පිවිසුම් මාර්ගයක් විවෘත කිරීමට උත්සහ කරන බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.

සංචාරකයන්ට ‘නොන්පරේල් වතුයාය’ (සාමාන්‍ය ව්‍යවහාරයේ ‘නන්පේරියල් වතුයාය’ – Nonpareil Estate) හරහා නැග්රැක් දක්වා වාහන වලින් ගොස් එතැන් සිට පා ගමනින් ලෝකාන්තය දක්වා යෑමට මෙමගින් සැලසුම් කර ඇතැයි ඔහු පවසා ඇත.

දැනටමත් පට්ටිපොළ සහ ඔහිය දෙසින් මාර්ග දෙකක් ඔස්සේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීමට අවශ්‍ය මාර්ගයක් නිර්මාණය කර ඇත.

එබැවින් තවත් පිවිසුමක් අවශ්‍ය නොවන අතර එය ‘විනාශයේ දොරටුවක්’ විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවා ඇත.

(බීබීසී සිංහල සේවය)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස