පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝගත කිරීමට මහ ජනතාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ප්‍රකාශ කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පසුගිය මස 30 වෙනිදා නිකුත් කළ නිවේදනය සංශෝධනය කරමින් නව නිවේදනයක් තිබේ.
ඇතැම් පොලිස් නිලධාරීන්ගේ අනීතික ක්‍රියා වැළැක්වීමට එම නිවේදනය මගින් ප්‍රතිපාදන ලබා දුන්නද එය මේ වන විට පොලිස් රාජකාරී සඳහා බාධාවක් බවට පත්ව ඇති බව නව නිවේදනයෙහි දැක්වෙයි.
එහෙයින් මෙම වීඩියෝගත කිරීම් පොලිස් රාජකාරී සඳහා බාධාවක් වන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගගත හැකි බව අදාළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
