මේ වන විට රට පුරා මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම නිසා රටේ තාර අවශ්‍යතාව ඉහළ ගියද ඉරාන යුද ගැටුම් නිසා තාර සපයා ගැනීමේ ගැටලුවක් ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
“මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තවමත් මතුවෙලා නෑ. නමුත් මේ වන විට තාරවල හිඟයක් තියෙනවා. අපට අවශ්‍ය තාර අපි සියයට සියයක්ම ආනයනය කරන්නේ ඉරානයෙන්. ඉරානයේ තමයි අපේ රටට සුදුසු තාර තියෙන්නේ. ඉරානයෙන් දැන් තාර එන්නේ නෑ. නැව් පමා වෙලා තියෙනවා. බොහෝම සුළු ප්‍රමාණයක් තමයි අපි සතුව දැනට තිබෙන්නේ.
මේ වෙනකොට රට පුරාම මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තෙන් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා මෑත ඉතිහාසයේ මට හිතෙන විදියට අවුරුදු දහයක විතර ඉතිහාසයේ ලංකාවේ තාර ඉල්ලුම වැඩිම අවස්ථාව බවට දැන් පත්වෙලා තිබෙනවා. යුද්ධය නිසා තමයි තාර සැපයුමට බාධා මතුවෙලා තියෙන්නේ. මේ නිසා ව්‍යාපෘති මන්දගාමී තත්ත්වයට පත් වූ ආකාරයක් දකින්න පුළුවන්.
වෙන රටවලින් ගන්න තාරවල සල්ෆර් අඩංගු ප්‍රමාණය ලංකාවේ මාර්ගවලට ගැළපෙන්න ඕනේ. ඉරානයේ නිෂ්පාදිත තාර තමයි ලංකාවට හරියටම ගැළපෙන්නේ. එතකොට ඕන කෙනකුට හිතන්න පුළුවන් ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් ගේන්න පුළුවන් තව ඕන තරම් රටවල් මැද පෙරදිග තියෙනවනේ කියලා.
ඉන්දියාවේ තාර නම් අපිට සාමාන්‍යයෙන් ගැළපෙනවා. නමුත් ඒ රටවල නිෂ්පාදනය කරන්නේ තමන්ගේ අවශ්‍යතා සඳහා පමණයි. ඒ වගේම වෙන රටවලින් ගෙනෙන තාර ලංකාවේ අව් රස්නයට, උෂ්ණත්වයට ගැලපෙන්නේ නෑ. ඒ ප්‍රමිතිය අපිට හරියන්නේ නෑ. ප්‍රමිතිය අසමත් වෙනවා. ඒ නිසා තමයි ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට මතුවෙලා තියෙන්නේ.”
–