ගාල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රාත්‍රී දහය වන විට ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රිය කරවීමට පොලිසිය කටයුතු කිරීම පිළිබඳ එහි සිටි විදේශිකයන් සහ ලාංකිකයන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට චෝදනා කිරීම වැරදි බව සංචාරක ඇමති විජිත හේරත් පවසයි.
අවුරුදු ගණනාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් අනුව එම ක්‍රියාවලිය සිදුවන බවයි, ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
එම නීතිරීති සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට බාධා හෙයින් එම තීන්දුව සංශෝධනය කර සංචාරකයන්ට විනෝද වීමට අවස්ථා සැලසීමට කටයුතු කරන බවත් ඇමතිවරයා තව දුරටත් සඳහන් කරයි.
උත්සව සභාවක් අමතමින් අමාත්‍ය විජිත හේරත් මෙම අදහස් පල කළේය.
දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එකතු වී සිටි සංගීත ප්‍රසංගයක් අතරතුරු පොලිසිය පැමිණ ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රීය කරවීම නිසා කුපිත වූ පිරිස ජනාධිපතිවරයාට අසැබි වදනින් බැණ වදින වීඩියෝ සමාජ මාධ්‍යවල හුවමාරු විය.