හොර ආණ්ඩුව අරගලකරුවන්ටත් අරගලය එපා කළා…! – චමින්ද විජේසිරි..

March 30, 2023 at 2:19 pm | by emanisa.lk

තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ රාජපක්ෂලා වික්‍රමසිංහලා ගෙදර යැවීමට දියත් වූ අරගලය අරගලකරුවන්ට පවා එපා කරවන තැනට ආණ්ඩුව දක්ෂ වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

රටේ සම්පත් විකුණා දමා හෝ තමන්ගේ බඩකට පිරවීම හොඳය කියන තැනට පාලකයින් ජනතාව පත්කොට ඇති බවට ද හෙතෙම චෝදනා කරයි.

ටෙලිකොම්, ලංවීම හෝ ඛනිජ තෙල් සංස්ථාව විකුණා දමන තැනට පත් කළේ ජනතාව ද පාලකයින් ද කියා හෙතෙම විමසා සිටියේය.

IMF ණය ලැබීමත් සමග බඩු මිල අඩුකර යම් යම් තාවකාලික සහන ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණය සඳහා සූදානම් වන බවත් ඒ උදෙසා මුදලට තනතුරුවලට විකිණෙන්නට පිරිසක් සූදානමින් සිටින බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *