හොරාකෑ සල්ලිවලින් හැදූ ගෙවල් ගිනි තිබ්බට කමක් නෑ..! – සජබ මන්ත්‍රී..

July 4, 2022 at 10:36 pm | by emanisa.lk

මුදල්  හොරකම් කොට තැනූ ගෙවල් ගිනි තැබීම සාධාරණ බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

අද ()4) පාර්ලිමේන්තුවේ දී  හෙතෙම මේ බව පැවසීය.

තවමත් හොරකම නැති වී නැතැයි කී විජේසිරි,  225 ටම හංවඩුව වැටෙන්නේ හොරා කාපු අය ආරක්ෂා කරන නිසා යැයි ද හොරා කාලා තිබෙනවා නම් තමාගේ ගේත් ගිනි තිබ්බට කමක් නැතැයි ද කීය.

නාගරික  සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවැසූයේ හොරකම් කරපු  අයගේ ගෙවල් ගිනි තැබීම සාධාරණ නම් ඒ පැත්තේ කිසිවෙකුට ඉන්න ලැබෙන්නේ නැති බවයි.

ඔවුන් ළඟ තිබෙන්නේ මහ බැංකුවෙන් හොරකම් කළ  සල්ලි බව ද අමාත්‍යවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *