විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස තමන්ට රජයෙන් හිමි නිල නිවස යළි භාර දීමට සූදානම් වෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ දැනටත් තම මව එම නිවස පාවිච්චි නොකරන බවත් ඇයම සිතා බලා එය රජයට ආපසු භාර දීමට සූදානම් බවත්ය.
තම මව කිසි දිනෙක නිල නිවෙසක ජීවත්ව නැති බවත් ඇය සිටින්නේ පෞද්ගලික නිවසට බව ද පවසන විපක්ෂ නායකයා තම මවට තම පියාගේ විශ්‍රාම වැටුප් ලැබෙන බවද සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.