හෙට රට පුරා පැයක්..දකූණට පැය තුනක් විදුලිය කපයි..!

February 20, 2022 at 11:04 pm | by emanisa.lk

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව හෙට දිනයේදී විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව හෙට දිනයේ දී දකුණු පළාත හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පෙරවරු 8.30 – පස්වරු 7.30 අතරතුර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

මීට අමතරව දකුණු පළාතේ ජනතාවට පමණක් පෙරවරු 8.30 – පස්වරු 4.30 අතරතුර කාලයේ දී පැය 03 ක විදුලි කප්පාදුවක් සඳහා මුහුණදීමට සිදුවනු ඇත.

දකුණු පළාත සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ එම පළාතට විදුලිය සපයන ජලාශ කිහිපයක ජල මට්ටම අවම මට්ටමක් දක්වා පහත වැටීමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස