හෙට කොළඹ විරෝධතාවට අපි නෑ…! අපේ සම්බන්ධෙකුත් නෑ..! – ලාල්කාන්ත…

November 1, 2022 at 10:42 am | by emanisa.lk

හෙට (02) පැවැත්වෙනවා යැයි කියන විරෝධතා පා ගමන කුමන අදහසකින් කාගේ වුවමනාවට කරන්නේදැයි කිසිදු අදහසක් නොමැති බවත් ඊට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පැවැසුවේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රට පුරා ජනතාව අමතමින් රට දිනවීමට සාර්ථක වැඩපිළිවෙළක් සිදු කරගෙන යන බවත් ජනතාව සමඟ එක්ව මර්දනය පරාජය කිරීමට කටයුතු කරන බවත්ය.

“රටේ විවිධ උද්ඝෝෂණ තිබෙනවා. බඩගිනි උද්ඝෝෂණ තියෙනවා. බඩු මිල වැඩි වීමට එරෙහි උද්ඝෝෂණ තියෙනවා. එක එක උද්ඝෝෂණ තියෙනවා. හෙටත් උද්ඝෝෂණයක් තියෙනවා කියනවා. ඔය කියන උද්ඝෝෂණ ගැන අපිට අදහසක් නෑ. මොකට කවුරු විසින් කරනව ද කියලා අදහසක් නෑ. අපේ ඊට කිසිම සම්බන්ධයකුත් නෑ.

අපි රට පුරා ජනතාව සාර්ථකව සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මර්දනය පරාජය කිරීමට අප ජනතාව සමඟ කටයුතු කරනවා. විශේෂයෙන්ම මර්දනය නවත්තන්න කියා අපි පාලකයන්ගෙන් ඉල්ලන්න යන්නෙ නෑ. පාලකයෝ ඒක කරන්නෙත් නෑ. ඒ නිසා අපි ජනතාව එක්ක එකතු වෙලා රට දිනවන්න කටයුතු කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *