හෙට (03) දිනයේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන කැඳවුම්කරු රංජන් ජයලාල් පවසයි.
කෙසේ වුව ද හෙට දින විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ඔහු අවධාරණය කරයි.
ඒ බවට සිදු කරන ප්‍රචාරවල සත්‍යතාාවක් නැතැයි ද රංජන් ජයලාල් සඳහන් කරයි.
කාර්යාල වැඩබිම් නියෝජනය කරන සේවක පිරිස් මෙම උද්ඝෝෂණය සඳහා සහභාගී වන බව ද හෙතෙම කියයි.