හිරේ යන්න බෑ කියා ජ’පුර වෛද්‍යවරුන් බෙහෙත් තුණ්ඩු දීම නවතයි…!

July 3, 2025 at 6:17 pm | by emanisa.lk

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාහිරින් ඖෂධ ලබා ගැනීම සඳහා නව නිර්ණායක නිල වශයෙන් නිකුත් කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය හටගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමෙන් පසුවය.

බාහිරින් ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට ඇති වන නීතිමය ගැටලු හේතුවෙන් මෙලෙස බාහිරින් ඖෂධ නියම කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කර ඇත.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, තමන්ට සිරගත වීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම භාරගෙන රෝගීන්ට සාධාරණයක් ඉටු කරන ලෙසත්ය.

මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී වෛද්‍යවරුන් සිය ස්ථාවරය පැහැදිලි කර ඇත.

එහිදී, රෝගීන් සඳහා බාහිරින් ඖෂධ ලබා දීම සඳහා අනුගමනය කළ යුතු නිල නිර්ණායක කඩිනමින් නිකුත් කරන තෙක් මෙම පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ ප්‍රධානියා මේ සඳහා කඩිනමින් මැදිහත් වී ගැටලුවට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *