හිරේ ගිහින් ගිනි තැබීම් කැරලි ගැසීම් තවත් බෑ! අධිතාක්ෂණික අල්කට්රාස් සිරගෙවල් ලංකාවට!

December 4, 2020 at 8:19 am | by emanisa.lk

ගිනි තැබීම් සහ කැරලි ගැසීම් මුළුමනින්ම ව්‍යර්ථ කිරීම සඳහා ඇමරිකාවේ අල්කට්රාස් පන්නයේ අධිතාක්ෂණික සිරගෙයක් ඇඹිලිපිටියේ ඉදිකිරීමට රජය තීරණය කර ඇත.

දැනට මෙරට පවතින සිරගෙවල් වසර 65 කට වඩා පැරණි නිසා සිරකරුවන්ට දොරවල් කැඩීම සහ වෙනත් සාහසික ක‍්‍රියා සිදු කිරීමට ඉඩ ලැබී තිබේ.

මෙම අධිතාක්ෂණික සිරගෙය මුළුමනින්ම සී. සී. ටී. වී. කැමරා පද්ධති සහ සිරකරුවන්ගේ රහසිගත සැලසුම් දැන ගැනීමේ සවන්දීමේ පද්ධතියකින්ද යුක්තවේ.

මෙම නවීන සිරගෙවවල්වල සිරකරුවන්ට තම කාමරවලින් එළියට ඒමට හෝ සිරකුටි කැඩීමට නොහැකි වෙයි.
අධිතාක්ෂණික සිරගෙයක් මෙරට ස්ථාපිත කරන්නේ මුල්වරටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *