ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්, වර්තමාන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
“තානාපතිවරයෙක් හෝ තානාපතිවරියක්, මහ කොමසාරිවරියක් රැගෙන යන සේවකයින්ට වැටුප් ගෙවන්නේ ලංකාවේ ආණ්ඩුවෙන්. ලංකාවේ ආණ්ඩුවේ වැටුප් තලය ඇත්තටම ගත්තොත් ලංකාවේ ආර්ථිකයට ගැලපෙන ප්‍රමාණයක් තමා අපි ගෙවන්නේ.
විශේෂයෙන්ම ඒ ප්‍රමාණය යුරෝපයේ ඔස්ට්‍රේලියාවේ වැනි රටවල වැටුප් තලවලට වඩා අඩුයි. ප්‍රශ්නේ මතුවෙන්නේ ඒකත් එක්ක. එතුමියට පුද්ගලිකව ඒ ලබාදුන් සේවකයින්ට වැටුප් ගෙවන්නේ ලංකාවේ ආණ්ඩුව. ඒක ඔස්ට්‍රේලියාවේ වැටුප් තලවලට වඩා අඩුයි. ඒ සමග තමයි ඇයට විරුද්ධව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව නීතිමය පියවර අරගෙන තිබුණේ. අරුණාතිලක මහත්මිය මුහුණ දුන් අපහසුතාව පිළිබඳ රජයක් ලෙස අපි කනගාටු වෙනවා.
ඒකට එතුමිය පෞද්ගලිකව මුහුණ දුන්නා වගේම විවිධ රටවලට රාජ්‍ය තාන්ත්‍රික වැඩවලට යන බොහෝ දෙනෙක් මුහුණදෙන ගැටලුවක්. මෙහිදී මම බොහෝම පැහැදිලිව කියන්න කැමතියි හිමාලි අරුණාතිලක මහත්මිය කිසිදු වංචාවක්, හොරකමක් කරලා නෑ.
නමුත් එහෙ රටේ නීතියට අනුව තමයි ඔය නීතිමය තීන්දුව උසාවිය දීලා තියෙන්නේ. අපි මේ ගැන රජයක් විදියට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු කාරණයක්. අප්‍රිකානු රටවල වැඩකරද්දි ඕකේ අනිත් පැත්ත. ඕක තමා ඇත්ත කතාව.”
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, සේවිකාවකට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇය කිසිදු වංචාවක් සිදුකර නොමැති බවය.