ලිට්‍රෝ සමාගමේ කටයුතු රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් වීම වැළැක්වීමට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයකු රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් නීති උපදේශක සමාගමකට වැය කර ඇත.
මෙම කරුණු හෙළි වී ඇත්තේ රජයේ විගණනයක දී යැයි ඊයේ (25) බත්තරමුල්ලේ වෝටස්එජ් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා විගණන සේවයේ 63 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදීය.
ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයා මසකට රුපියල් ලක්ෂ විස්සක වැටුප් හා දීමනා ලබාගෙන ඇතැයි ද පසුව ඔහුව ඉවත් කර දමා ඇතැයි ද වාර්තා වෙයි.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී සිංහල හා දෙමළ පරිවර්තනයේ ඇති වචනයක් අල්ලාගෙන ලිට්‍රෝ සමාගම රජයේ විගණනයට ලක්කළ නොහැකි බව කියමින් ඊට නෛතික බලතල ලබාගැනීම සඳහා මෙලෙස රුපියල් 21,000,000 ක මුදලක් නීති උපදේශක සමාගමකට ලබාදී ඇත.