හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
එසේ කටයුතු කළහොත් කිසිවකුටත් ඒ වරප්‍රසාද හිමි නොවන හෙයින් කිසිදු ගැටලුවක් ඇති නොවන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙතෙක් භාවිත කළ රජයේ නිවස වෙනුවට තමාට පදිංචි වීමට රජයෙන් නව නිවෙසක් ලබා දී ඇති බව ද අවුරුද්දට පසු එහි පදිංචියට යන බව ද මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ ය.