හිටපු ජනපති මෛත්‍රීත් සර්වජන බලයට…!

October 9, 2024 at 8:08 pm | by emanisa.lk

තමන් දිලිත් ජයවීර නායකත්වය දරන සර්වජන බලවේගය පක්ෂය සමග එකතු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිකරණය හමුවේ ඇති බැවින් තීන්දුව ලැබෙන තුරු බලා සිටින බවයි.

කෙසේ වුව ද තමන් ඉදිරියට ද සර්වජන බලය සමග කටයුතු කරන බවයි, හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉදිරියේ දී වැටී තිබෙන රට ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ද මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

අද (09) සර්වජන බලය මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *