හිටපු ජනපති අනාථයෙකු සේ සිංගප්පූරුවෙන් තායිලන්තයට..!

August 11, 2022 at 9:36 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) සිංගප්පූරුවේ සිට තායිලන්තයේ දොන් මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට බැංකොක් වේලාවෙන් රාත්‍රී 8 ට පමණ පැමිණි බව තායිලන්ත බලධාරීහු තහවුරු කළහ.

ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබා දී තිබූ කෙටි කාලීන සංචාරක බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු අද සවස සිංගප්පූරු සෙලෙටාර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව සිංගප්පූරු බලධාරීන් ප්‍රකාශ කළහ.

ගෝඨාභය රාජපක්ෂට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂට මානුෂීය හේතුන් මත තායිලන්තයට පැමිණීමට ඉඩ ලබාදුන් බවත් ගෝඨාභය රාජපක්ෂ වෙනත් රටක ස්ථිර රැකවරණ සොයන අතරතුර තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ කිසිඳු දේශපාලන කටයුත්තක් නොකරන බවට පොරොන්දු වූ බවත් තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා වැඩි දුරටක් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *