එල් ටී ටී ඊ සංවිධානයේ සිට හමුදාව සමග සටන් වැද තුවාල ලබා අනතුරුව පුනරුත්ථාපනය වූ අඹු සැමි යුවලකට යුද හමුදාව විසින් නිවසක් පරිත්‍යාග කොට ඇත.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ අද (26) දින සිදුකළ යාපනය සංචාරය අතරතුර 2006 – 2009 කාලය තුළ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකාවක් වන තංගරාසා ධර්මරාණි සහ ඇයගේ සැමියා වන එල්ටීටීඊ සංවිධානයේ 2001 – 2009 වසර දක්වා කටයුතු කළ කුමාර කුලසිංහම් ප්‍රශාන්තම් යන දෙපළ වෙත නව නිවසක් පරිත්‍යාග කළේය.
මෙම නිවස ඉදිකිරීම සඳහා සම්පූර්ණ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාවේ භටපිරිස් විසින් ලබා දී ඇති අතර මූල්‍යමය දායකත්වය ලබා දී ඇත්තේ විදේශයක වෙසෙන දානපතියෙකු වන ඩබ්ලිව්. නඩරාජා විසිනි.
මෙම පුනරුත්ථාපනය වූ නිවාස ලාභී දෙපළ පසුගිය යුද සමයේ දී යුද හමුදාව සමග සටන් වැදී තුවාල ලැබූවන් වීම සහ
යුද හමුදා විසින් ඉතා කෙටි කාලයක් තුළ මෙම නිවස සදා දීමට සමත් වීම විශේෂත්වයකි.