හැම දේටම උසාවි ගිහින් රට දියුණු කරන්න බෑ..! – ජනපති…

June 20, 2024 at 9:19 am | by emanisa.lk

රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන සෑම කටයුත්තකදීම අධිකරණයට යෑමට ඇතැමුන් පුරුදු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේ කිරීමෙන් රට සංවර්ධනය කළ නොහැකි බවත්, ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් පිහිටුවන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි‍ එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනය ඊයේ (19) විවෘත කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *