කොරෝනා වසංගතය හමුවේ කර්මාන්තශාලා සහ පාසල් වසා දමා රටකට ඉදිරියට යාමට නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
රජය පාසල් නැවත ආරම්භ කිරීමට තීන්දු කළේ රටේ යහපත් තත්ත්වයක් ඇති වීම නිසා නොව ඇමරිකාව මෙන් කොරෝනා වසංගතයට මෙන් ම සාමාන්‍ය ජන ජීවිතයට ද මුහුණ දීමට ද සිදුව ඇති නිසා බව ඔහු වැඩි දුරටත් පවසයි.
මේ නිසා තත්ත්වය නරක අතට හැරිය හැකි වුවත් දිගට ම රට වසාගෙන සිටීමට නොහැකි බව මන්ත්‍රිවරයා අවධාරණය කරයි.
රට වසා ගෙන සිටීම ආර්ථික පසුබෑමට හේතු විය හැකි බවත් මෙම තීන්දුව ඒ නිසා ගත් බවත් හොඳ නරක යැයි තීන්දු නොමැති බවත් එහි ප්‍රතිඵල ඉදිරියට දැකගත හැකි වනු ඇති බවත් රාජිත සේනාරත්න වැඩි දුරටත් සඳහන් කළේ ය.