හැට නම ලක්ෂයේ විශාල පිරිසක් වර්තමාන ආණ්ඩුවේ ගමන ප්‍රතික්ෂේප කොට ආණ්ඩුවෙන් ඉවතට ගොස් ඇතැයි සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, එලෙස ආණ්ඩුවෙන් ඉවත්ව ගිය එම පිරිස තමන් අමතන අතර රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ ඒ අතරින් ආණ්ඩුව සමග සිටින පිරිස අමතන බවයි.
සර්වජන බලය නියෝජිත සමුළුවක් අගෝස්තු 04 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වා සිය ජනාධිපති අපේක්ෂකයා රට හමුවේ තබන බව ද හෙතෙම කීය.
වෙනත් පක්ෂවල නායකයන් විසින් අපේක්ෂකයා තේරුව ද සිය පක්ෂයේ සාමාජිකයන් විසින් අපේක්ෂකයා තෝරා නායකත්වයට දැනුම් දෙන බව ද උදය ගම්මන්පිල සඳහන් කළේය.